pottanawfer

කොවිඩ් ආසාදිතව වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහොමඩ් නියාස් මොහොමඩ් නවුෆර් නොහොත් “පොට්ට නව්ෆර්” ජීවිතක්ෂයට පත්ව ඇත.

බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටියේ කෝවිඩ් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි මෙම රැඳවියා වෙනත් නිදන්ගත රෝගාබාධ කිහිපයකටම ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොට්ට නව්ෆර් ඇතුළු කිහිප දෙනකුට මරණ දඬුවම නියම වූයේ 2004 වසරේ අගෝස්තු 04වැනිදාය.

Similar Posts