ජාතික හැඳුනුම්පත්, පොලිස් ඇඳිරි නීති බලපත්‍ර සහ අනෙකුත් බලපත්‍ර පොලිස් නිලධාරින් වෙත ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් රියදුරන්ට උපදෙස් මාලාවක් පොලිස් මුලස්ථානය මඟින් නිකුත් කර ඇත.

මෙම බලපත්‍ර පොලිස් නිලධාරින් අතට ගෙන පරික්ෂා කිරිම නිසා සමාජ දුරස්ථතාවය ආරක්ෂා කිරිමට නොහැකි බවට නිරික්ෂණය වි ඇතැයිද පරික්ෂාවට ලක් වන තැනැත්තා හා පොලිස් නිලධාරියා මුහුණට මුහුණ බලාගෙන කටයුතු කිරිම මත කොරෝනා වෛරසය බෝ වීමේ අවදානමක් ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.

එබැවින් මින් ඉදිරියට මෙම බලපත්‍ර මාර්ග බාධක සහ පරික්ෂණ කපොලු වල පුද්ගලයින් පරික්ෂා කිරිමේදි එම තැනැත්තන් අදාල පොලිස් නිලධාරියා දෙස නොබලා කෙලින් බලා තමන් විසින් පරික්ෂා කරන අදාල බලපත්‍රය පොලිස් නිලධාරියා දෙසට දිස් වන සේ පැහැදිලිව දැක්විය යුතුය.

එමෙන්ම අසනු ලබන ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය යුත්තේද තමන් සිටින ස්ථානයේ සිට සෘජුව බලාගෙනය. කිසි විටෙකත් පොලිස් නිලධාරියා දෙස බලා පිලිතුරු දීමෙන් වැලකි සිටිය යුතුය.

ශානිකා මාධවී

More Stories