covid infections and deaths

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් තවත් කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමග සෞඛ්‍ය අංශ ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොදවා තිබෙන බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි.

ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ ඊයේ(23) අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගැමුණුපුර ප්‍රදේශයෙන් මීට පෙර හමුවූ කොරෝනා ආසාධිතයින්ගේ පවුල ජීවත්වන අසල නිවසක පුද්ගලයෙකුට පෙරේදා (22) රාත්‍රියේ ලැබුණු පී.සී.ආර්.පරික්ෂණ වාර් තා පොසිටිව් වීම නිසා  පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමාජයෙන් හමු වූ ආසාධිතයින් ගණන 07 දක්වා ඉහළ යන බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් මෙසේ හදුනා ගත් ආසාධිතයාත් නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවූ පුද්ගලයෙකු බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.පොලොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ අහඹු ලෙස ‍තෝරා ගත් ප්‍රදේශවල පී.සී.ආර්.පරික්ෂණ සිදු කිරීමට පියවර ගන්නා බව ද ප්‍රාදේශීය සෞක්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා මේ සදහා යම් බලපෑමක් ඇතත් කොරෝනා සමාජ ගත වීම පාළනය කිරීමට කළහැකි දෑ කඩිනමින් සිදු කරන බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

ඊසා මුදියන්සේ – පොලොන්නරුව

More Stories