Similar Posts
දුම්රිය ධාවනයට බාධා
දෙමටගොඩ සහ මරදාන අතර දුම්රිය මාර්ගයක දුම්රිය එංජිමක් පීලිපැනීමකට ලක්ව පෙරළී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. මේ හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ද දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
පළාත් දෙකකට රතු නිවේදන
ඉදිරි පැය කිහිපයේ උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 300ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100-150 පමණ තද වැසි ඇති විය හැකි බවද පවසයි. දැනට පවතින වැසි තත්ත්වය, විශේෂයෙන් සිතියමේ සඳහන් කර ඇති වැඩි අවදානම් ප්‍රදේශ…
රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් දැනුම්දීමක්
රියදුරු බලපත්‍ර ලංකාව පුරා සිටින ශ්‍රවණ ආබාධිත පුද්ගලයින් සඳහා ලබාදීමේ වැඩසටහන මෙම සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ (07) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න තවදුරටත් සදහන් කළේ, “පුද්ගලයින් 50 දෙනෙකු සඳහා නියාමක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා එහි කාලය මේ සතියේ අවසන් වුණා. ඒ පුද්ගලයින් 50 දෙනා ඉතාමත් සාර්ථකව…
අදත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහි සඳහන් පරිදි උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. එමෙන්ම දිවයිනේ…
සාමාන්‍ය කටයුතු ආරම්භ කළත් වෛරසය පාලන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි
රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොවිඩ්-19 වෛරසය පාලනය කිරිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද නිරෝධායනයට ලක් කර ඇති පිරිස් වලට නිදහසේ කටයුතු කිරිමට අවස්ථාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.
රනිල්ට ඉඩ දෙමු කොළඹින් ඇරඹෙයි
ජාත්‍යන්තර කම්කරු දින සැමරුමෙන් පසු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. අද (27) පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. GLOBAL MIND සංවිධානය විසින් පවත්වන ” රනිල්ට ඉඩ දෙමු ” යතුරුපැදි රැළිය අද පෙරවරුවේ කොළඹ ගංගාරාම…