lory

නිසි බල පත්‍රයක් නොමැතිව දර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එක් සැකකරුවකු හැටන් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කාසල්රි ප්‍රදේශයේදි කරන ලද පරික්ෂාවකදි බලපත්‍රයක් නොමැතිව දර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එක් පුද්ගලයකු සැක පිට අත් අඩංගුවට ගෙන ඇති බවත්ය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති සැකකරු හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories