ඉන්ධන හල් සදහා දින කිපයකින් ඩිසල් නොලැබිමත් සමග හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල පුද්ගලික බස් රථ ධාවනය අඩාලවිමේ දැඩි අවදානමකට පත්ව ඇත.

දැඩි ඩිසල් හිගය හේතුවෙන් පුද්ගලික බස් රථ බොහෝමයක් ධාවනයෙන් ඉවත්ව ඩිසල් පොලිම්වල රැදි සිටිමත් සමග මෙම තත්වයන් උදාවී ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පුද්ගලික බස් රථ හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ ඩිසල් නොමැති විමෙන් බස් රථ ධාවනය කර විමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත මේ වන විට මෙම ප්‍රදේශයේ පුද්ගලික බස් රථ සියයට හැත්තැවක් පමන ධාවනයෙන් ඉවත්ව ඇති බවත්ය.

ඩිසල් ලැබෙන තෙක් තම බස් රථ ඉන්දන පිරවුම් හල් අසල පොලිම්වල නතර කර ඇති බවත් මෙම තත්වයන් මත තමන් මෙන්ම තම බස් රථවල සේවය කරන රියදුරු කොන්දොස්තරවරුන්ද දැඩි ප්‍රිඩාවන්ට පත්ව ඇති බවද ඔවුන් තව දුරටත් පවසන ලදි.

හැටන් නගරයේ ඉන්ධන හල් වෙත ඩිසල් ලැබෙතැයි බලාපොරෝත්තුවෙන් පුද්ගලික බස් රථ ඇතුළු රථ වාහන පොලිමේ නවතා ඇති අයුරු හා ඩිසල් ලබා ගැනිමට බුලී රැගෙන පිරිසක් රැදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts