ලංගම හා පෞද්ගලික බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබා දීමට අපොහොසත් වීම නිසා අද (29) පෞද්ගලික බස් රථ ධාවනය 80% පමණ අඩු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි.
පසුගිය මාසයේ ඉන්ධන ලබා දීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදු වුවත් මීට දින හතරකට පෙර සිට ඉන්ධන ලබා නොදීම නිසා පෞද්ගලික බස් රථ ධාවනය සීමා වී ඇති බවත් මේ සඳහා කඩිනමින් විසඳුමක් ලබාදිය යුතු බවත් ඔහු පැවසීය.
පාසල් හා කාර්යාල කටයුතු පැවැත්වෙන දිනයක් නිසා බස් රථ ධාවනය අඩාල වීමෙන් සිසුන්-ගුරු හා කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්වන බවත් එයට රජය වගකිව යුතු බව ත් ඔහු සඳහන් කළේය.