බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එක්ව අද කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට එරෙහිව නියෝගයක් නිකුත් කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
කුරුඳුවත්ත පොලීසිය විසින් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය දක්වා ඇත්තේ විරෝධතාවලදී යම් සාමය කඩවීමේ ක්‍රියාවක් හෝ දේපළවලට හානි කිරීමක් සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය පවතින බවය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද නාගමුව මහතා පැවසුවේ අරගලය ප්‍රතිසංවිධානය කිරීමේ පළමු දිනය ලෙස අද රටපුරා විරෝධතා පවත්වන බවය.