gold

රුපියල් මිලියන 205ක් පමණ වටිනා රත්‍රං නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමේ උත්සාහයක් ව්‍යාර්ථ කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබේ.

ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙක් රත්‍රං කිලෝ 9.5ක් සඟවා ගෙන ගෙනැවිත් අතර ඔහුට එම රත්‍රං ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් ඉවතට ගෙනයෑමට “තීරුබදු රහිත” සාප්පුවක සේවිකාවක් උදව් කිරීමට උත්සාහ කර ඇති බව සඳහන් ය.

ගුවන් මගියා තම ගමන් මලු තුළත් සේවිකාව තම අත් බෑගයේත් රන් බිස්කට් 80 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යෑමට උත්සාහ කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

More Stories