More Stories
HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ අවදානමක්
තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමය පවසයි. එම සංගමයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය පැවසුවේ මේ සඳහා ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය භාවිතය හේතුවක් වී ඇති බවය. විශේෂඥ වෛද්‍යවරිය මෙම අදහස් පලකළේ පසුගිය දා කොළඹ විජේරාම පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ග්රහකයක් පෘථිවියේ ගැටීමේ අවදානමක්
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් මෑතකදී සොයා ගන්නා ලද ග්රහකයක් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින අතර එය පෘථිවියට බලපෑම් කිරීමට කුඩා අවස්ථාවක් ඇතැයි සදහන් කෙරේ. 2024 YR4 ලෙස නම් කර ඇති මෙම ග්රහකය 2032 දෙසැම්බර් 22 වැනිදා පෘථිවියේ ගැටීමේ සුළු ඉඩ කඩක් ඇති බවට යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සහ නාසා ආයතනය සොයාගෙන ඇත. අදාළ ගැටීමට 1.2% ක සම්භාවිතාවක්…
මෙරට දරුවන් 1000ක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ හෙළි කරයි
මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ පවසයි. මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කළේ, ඒ අතරින් 30% ක් ලියුකේමියාවටද, 25% ක් මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්රිත පිළිකා රෝගයටද ගොදුරුවී ඇති බවයි. මෙරටින් වාර්ෂිකව පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන අතර ඒ අතරින්…
පුද්ගලික වාහන ආනයනයේ දී රජයෙන් කොන්දේසි 9ක්
2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර ලබා දෙමින් ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි 2421/44 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා…
ඉඩම් නඩු කඩිනමින් විසඳීමට නව වැඩපිළිවෙළක්
ගොඩගැසී ඇති ඉඩම් නඩු කඩිනමින් විසඳීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ මේ වන විට දිස්ත්‍රික් අධිකරණවල ඉඩම් නඩු 33000කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවයි. එය දිසා අධිකරණවල නඩු සංඛ්‍යාවෙන් 13%ක් බවයි වාර්තා වේ. පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් මේ පිළිබඳව අධ්‍යයනයට කමිටුවක්ද පත්…
පොලිසියට තොරතුරු දෙන්න කෙටි දුරකථන අංකයක්
අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය වෙත දැනුම්වත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. පොලීසිය වෙත ලබා දෙන තොරතුරු නැවත එම අපරාධකරුවන් සහ නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන්නන් වෙත ලැබෙන බවට මහජනතාව තුළ ඇතිව තිබෙන සැකය මතයි මෙම දුරකතන අංකය හඳුන්වා දී තිබේ….