තිරිඟු පිටි මිල වැඩි කළද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල වැඩි නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්රකාශ කරයි.
බේකරිවලින් 75%ට වඩා වැඩි ප්රමාණයක් මෙරට සමාගම් දෙකකින් තිරිඟු පිටි මිල දී ගනු ලබන බව ඔහු කියා සිටියි.
එම සමාගම් මිල ගණන් වැඩි කළොත් පමණක් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි කරන බව සභාපතිවරයා සඳහන් කරයි.
මෙරට සමාගම් දෙකෙන් තිරිගු පිටි කිලෝවක් රුපියල් 210, 215 මිල ගණන්වලට බේකරිවලට සපයන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.