Similar Posts
පොලොන්නරුව මහ රෝහලේ 22 වාට්ටුව වැසේ
පොලොන්නරුව මහ රෝහලේ 22 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි අනාවරණය කරගෙන තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන 22 වාට්ටුව වසා දැමීමට රෝහල් බලධාරින් ක්‍රියා කොට තිබේ. මෙම කාන්තාව ඉකුත් 10 වන දින අසනීප තත්ත්වයක් නිසා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.වෙනත් අසනීපයක් නිසා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දේශීය…
අධිකරණවල විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු විසි දහස පනී
මහාධිකරණවල සහ මහෙස්ත්‍රාත් අධිකරණවල මේ වන විට විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු සංඛ්‍යාව විසි දහස් හැත්තෑ පහක් වෙයි. මේ අතරින් මහාධිකරණවල පවතින නඩු සංඛ්‍යාව හත්දහස් හාරසිය අනූ පහක් වන අතර මහෙස්ත්‍රාත් අධිකරණවල පවතින නඩු සංඛ්‍යාව දොළොස් දහස් පන්සිය අසූවකි. මෙම වසරේ මේ දක්වා ළමා අපචාර පිළිබඳ පැමිණිලි 2751ක් පොලිසියට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට…
ශ්‍රී ලංකාවට කෝටි 16,000ක්
රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(I.M.F) ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. මෙය ප්‍රදානයක් මිස නැවත ගෙවිය යුතු ණය මුදලක් නොවේ යැයිද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
මල්වර මඟුල කොරෝනා මල මගුලක් කරයි
නිරෝධායන නීති නොතකමින් පැවති මල්වර උත්සවයක් සඳහා සහභාගීවී සිටි පවුල් 08 පුද්ගලයින් 50 දෙනෙකු දින 14ක ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවරගෙන තිබේ. එම මල්වර උත්සවය නොර්වුඩ් ප්‍රදේශයේ නිවසක සංවිධානය කර ඇත. එම උත්සවයට සහභාගී වූවන් ඔවුන් පදිංචි නිවාසවලම එලෙස නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා…
පස්සර බස් අනතුරින් 8 දෙනෙකු මරුට : 40කට තුවාල
බදුල්ල, පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේ ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් මේ වන විට 8 දෙනෙකු මරුමුවට පත්ව 40ක් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. බදුල්ල පස්සර හයේ කණුව ප්‍රදේශයේදී ඊයේ පස්වරු 4.30 ට පමණ ඇකිරිය බලා ධාවනය ආරම්භ කර ඇති මෙම බස් රථය අඩි 100 ත් 150 ත් අතර ප්‍රපාතයකට පෙරළීමෙන්…