ඉහල යන සහාල් පොල් මිල හමුවේ හැටන් ආශ්රිත ප්රදේශයන් තුල බොහෝ පිරිසක් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම ප්රදේශවල පිරිසක් පවසනුයේ මේ වන හාල් පොල් එළවළු ඇතුළු භාණ්ඩ මිල ඉහළ ගියද තමන්ට ලැබෙන ආදායම් තත්වයන් ඉහල නොයාමත් සමග තමන් මේ වන විට දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය.
මේ වන විට හැටන්, නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙළිය ආදි ප්රදේශවල සමහර කුඩා වෙළද සැල්වල සහාල් පොල් ආදියේ හිගයක් පවතින බවත් සමහර වෙළද සැල්වල පොල් ගෙඩිය රුපියල් 180ත් 200ත් අතර මිලකටත් නාඩු සහාල් ක්රිලෝව රුපියල් 240ත් 250ත් අතර මිලකටත් අලෙවි වන බවත් එම පිරිස් පවසති.
මෙම තත්වයන් මත දිනකට තුන් වේල කේසේ වෙතත් දෙවෙලක්වත් නිසි ලෙස ආහාර ගැනිමට තමන්ට නොහැකි තත්වයක් පවතින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්