සති කිහිපයකට පසු හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ලද භුමිතෙල් ලිටර් 6600 මිල දි ගැනිමට පාරිභෝගිකයන් දෙදහසකට වැඩි පිරිසක් ඉන්ධන පිරවුම්හල අසල සිට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

හැටන් ප්‍රදේශයේ පවතින උග්‍ර ගැස් හිගයත් සමග භුමිතෙල් මිල දි ගැනිමට මෙසේ තමන් පොලිම් වල රැදි සිටින බවයි පාරිභෝගිකයන් කියා සිටියේ.

පාසල් නිම විමෙන් පසු ගුරුවරුන්ද භුමිතෙල් මිල දි ගැනිමට පොලිම් වල රැදි සිටි අතර ,එක් පාරිභෝගිකයෙකුට භුමිතෙල් රු 500ක නිකුත් කිරිමට එම ඉන්ධන පිරවුම්හලේ සේවකයන් පියවර ගෙන ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ

Similar Posts