dailyreporter

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා දුම්රියෙන් පැමිනෙන පිරිස් අත් අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිසියේ නිලධාරින් විශේෂ මෙහෙයුම් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත.

මතින් තොර ශ්‍රිපාද වන්දනාවක් යන තේමාව යටතේ හැටන් පොලිස් අධිකාරි ප්‍රියංත වීරසේකර මහතාගේ උපදෙස් මත විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්නා කිරිමට පැමිනෙන පිරිස් අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම් යටතේ මෙම පරික්ෂාවන් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත.

දුම්රියෙන් පැමිනි පිරිසක් හැටන් පොලිසියේ පිරිසක් විසින් පරික්ෂාවට ලක් කරන අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories