මතුගම, අගලවත්ත සහ වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් කොරෝනා ආසාධිතයින් 30දෙනෙකු හමුවිමත් සමග දැනට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකළ බවත් අත්‍ය අවශ්‍යම කරුණකට හැර මතුගම ප්‍රදේශයට නොපැමිණෙන ලෙසත් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ වලින් ඉවතට නොයන ලෙස මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඩී. ලයනල් මහතා පසුගිය දා කීවේය.
මතුගමින් ආසාධිතයින් 26 දෙනෙක්, අගලවත්තෙන් 03ක්, හා වලල්ලාවිටින් එක් අයෙකු හදුනා ගෙන තිබිණි.නමුත් පසුගිය දින කිහිපයේ පරීක්ෂණ සදහා යොමුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලැබෙමින් පවතින බවත් ඒ අනුව ආසාධිතයින් ගණන ඉහළ යාහැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති.
මේවන විට මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල,බදුගම, සහ බදුගම නව ජනපදය යන ගම්මාන වල පවුල් 1800 ක පමණ ජනතාව සදහා සංචරණ සිමා පනවා ප්‍රධාන පිවිසුම් මාර්ග වල මතුගම සහ වැලිපැන්න පොලිසිය මගින් මාර්ග බාධක යොදා එම ගම්මාන වල ජනතාවගේ ගමනා ගමන කටයුතු පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇත.
මතුගමින් හදුනාගත් ආසාධිතයින් 26 දෙනා අතර භික්ෂූන් වහන්සේ පස් (05) නමක් සිටින අතර ඕවිටිගල හා මීගහතැන්න ප්‍රදේශවල විහාරස්ථාන දෙකක භික්ෂූන් වහන්සේලාට සංචරණ සීමා පැනවීමටද සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් කටයුතු කර ඇත.
මතුගම කන්නන්ගර විද්‍යාලයේ උසස්පෙළ විභාග ශාලාවක සේවයේ යෙදී සිටි ගුරුවරියක් ආසාධිත බව තහවුරු වීම නිසා එම කාර්ය මණ්ඩලය ඉවත්කර විභාග ශාලා,විෂබීජ හරණය කර අළුතින් විභාග කාර්ය මණ්ඩල පත්කළ බව මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලාල් දිසානායක මහතා කීවේය.
ආසාධිත ගුරුවරිය මතුගම කොළඹ අධිවේගී මාර්ගයේ ගමන් ගත් බස් රථයේ ගමන්කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති. ඇය පසුගිය 12 වනදායින් පසු විභාග රාජකාරියට පැමිණ නැති අතර විභාග අපේක්ෂකයින් සදහා පූර්ණ සෞඛ්‍ය ආරක්ෂාව සලසා ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කියයි.
මතුගමින් ගමන් කරන නගරාන්තර සුඛෝප භෝගී බස්රථ ධාවනය තාවකාලික නතර කර ඇති අතර මතුගම පුද්ගලික බස්රථ රියදුරන් ඇතුලු බස් රථ සේවකයින් අහඹු පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කරන බව බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධීකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා කීවේය.
ඊයේ 19 දිනයේ අගලවත්ත ප්‍රදේශයේ ඇගළුම්හල් සේවිකාවන් ඇතුළු සිය(100)දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ අතර ප්‍රදේශ කිහිපයක පවුල් කිහිපයකට සංචරණ සීමා පනවා ඇතැයි අගලවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චන්දන තෙවරප්පෙරුම මහතා කීවේය.
සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න