මතුගම පිහිටි ලංගම බස් නැවතුම්පොළ බුලත්සිංහල, මෝල්කාව, හැඩිගල්ල, වලල්ලාවිට, පැලවත්ත, අවිත්තාව, නෑබඩ වැනි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන ඇතිවිශාල ජනතාවක් පරිහරණය කරනු ලබන ස්ථානයකි. මතුගම ලංගම ඩිපෝව මඟින් පාලනය වන මෙම බස් නැවතුම්පොළ කාලයක සිට නිසි නඩත්තුවක් සහ පිරිසිදු කිරීමක් නොකිරීම නිසා කුණු කසළ සහ අපද්‍රව්‍ය එක්රැස් වී ඉතාම අපිරිසිදු ස්ථානයක් බවට පත්වී තිබුණි.

බලධාරීන් මතුගම බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමට කටයුතු නොකිරීම නිසා මහජනතාවට විඳීමට සිදු වන අපහසුතාවය දැක මතුගම හොරවල දියඋල්පත නිවාඩු නිකේතනයේ අධිපති නිරංජන් මාන්නතුංග මහතා තම සේවක කණ්ඩායම සමඟ පැමිණ පසුගිය 11 වනදා මහා වැසි නොතකා බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමට කටයුතු කළේය.

More Stories