මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් ආශ්‍රිත ප්‍රදේශ කිපයක ජන ජිවිතයට විවිධ බාධාවන් එල්ලවි ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන්ට කුලි වැඩක් හෝ කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් එම තත්වයන් මත තමන් දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම ප්‍රදේශයන්ට පවතින වැසි සමග දැඩි සුලං තත්වයන්ද පවතින අතර මෙම සුලං තත්වයන් හේතුවෙන් සමහර ප්‍රදේශවල විටින් විට විදුලිය ඇන හිටිම් සිදුවන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ අපහසුතාවයන්ට පත්වන බව ප්‍රදේශයේ තවත් පිරිසක් පවසති.

මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම 05වන දින උදැසන වන විට පිටාර මට්ටමට අඩි 28ක් පහලින් ජලය පිරි පවතින බවත් 04වන දින උදැසන 6.00 සිට 05වන දින උදැසන 6.00 දක්වා කාලය තුලදි මෙම ප්‍රදේශයට මිලි මිටර් 98ක වර්ෂා පතනයක් පතිතවි ඇති බවද කාසල්රි ජලාශය බාර නිලධාරියකු පැවසිය.

එමෙන්ම විමලසුරේන්ද්‍ර ජලාශය තව දුරටත් පිටාර ගලන බවත් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් 06ක් විවෘත කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා තව දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories