මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයට මෙම දිනවල  සවස් කාලයේදි පවතින අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහල යමින් පවතින බවත්ය.

එම තත්වයන් මත මේ වන විට එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 8 අගල් පහක් පහලින් පවතින බවත් මෙම ජලාශයේ ජලය ජල විදුලිය නිපදවිම සදහා මේ වන විට උපරිම ලෙස මුදා හැරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories