උත්සව සමයේ පාරිභෝගික ජනතාවට අලෙවිකිරීමට මතුගම,ඔිවිටිගල ප්‍රදේශවල වෙළදසල් තුළ සහ තොග ගබඩා තුළ තබා තිබු මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු, කල් ඉකුත්වු රුපියල් ලක්ෂ දෙකකට වඩි වටිනා සහල් කිලෝ තුන්දහසකට අධික ප්‍රමාණයක්, ආහාර ඇසුරුම් සදහා නුසුදුසු භාජනවල ගබඩා කර තිබු පොල් තෙල් ලීටර සීයයකට අධික ප්‍රමාණයක් සමග ආහාර ද්‍රව්‍ය රැසක්අත් අත්අඩංගුවට ගත් බව මතුගම මතුගම මහජන සෞඛ්‍ය පරීක්ෂක රසික මුණසිංහ මහතා කීවෙිය.
කළුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් කාර්යාලයේ මෙහෙයවීමෙන්, මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පී,ඩී, ලයනල් මහතා සමග කළුතර දිස්ත්‍රික්කයේ මතුගම,ඔිවිටිගල , වැලිපැන්න ඇතුළු ප්‍රදේශ රැසක් නියොජනය කරන සහජන සෞඛ්‍ය ලරික්ෂක නිළධාරින් විසි දෙනෙකු පමණ මෙම වෙළදසල් පරීක්ෂාවට එක්ව සිටියහ.
මතුගම හා ඔිවිටිගල ප්‍රදේශවල වෙළඳසල් තිහක් පමණ පරීක්ෂාවට ලක්කර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්වයේ ආහාර ද්‍රව්‍ය අලෙවිකළ වෙළෙදුන් දහ දෙනෙකුට එරෙහිව නඩු පවරා තවත් විසි දෙදෙකුට පමණ අවවාදකර , මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විනාශ කල බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති.
කිලෝ පහ සහ දහය බැගින් අසුරා තිබු කල් ඉකුත්වු ව්‍යාජ ලෙස දින හා ලේබල් වෙනස් කළ රුපියල් ලක්ෂ දෙකකට අධික විනාකමකින් යුතු සහල් තොගයක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. ආහාර ඇසුරුම් කිරිමට නුසුදුසු ,රසායනික ද්‍රව්‍ය ආනයනය කරන ප්ලාස්ටික් භාජනවල දමා අලෙවියට තබා තිබු රුපියල් හතලිස් දහසකට අධික වටිනාකමකින් යුතු පොල් තෙල් , පුස් බැඳුණු මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ගොරකා කිලෝ පනහකට අධික ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන විනාශ කර ඇත. රුපියල් දහ අට දහසක් පමණ වටිනා කුණුවු රට ලූණු කිලෝ සීයයකටවැඩි ප්‍රමාණයක් ද මෙහිදී විනාශ කර ඇත.
එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට සූදානම් කර තිබු නරක්වු , ලේබල් වෙනස් කළ, කල් ඉකුත්වු, සෞඛ්‍ය ආරක්ෂිත නොවන ලෙස ගබඩා කර තිබු ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට උපදෙස්දි එම වෙළෙදුන්ට උපදෙස් දුන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති.
මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඩී. ලයනල් මහතා , මතුගම මහජන සෞඛ්‍ය පරීක්ෂක. රසික මුණසිංහ, ඔිවිටිගල මහජන සෞඛ්‍ය පරීක්ෂක සජිත් ප්‍රශාන්, වැලිපැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී,ඩී. මධුෂාන් මහතා ඇතුළු කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය නියෝඩනය කරමින් මහජන සෙීඛ්ය පරීක්ෂක නිළධාරීන් පිරිසක්බසහභාගී විය.
සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න