ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය පාලනය කිරීම සදහා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පියවර කිහිපයක් ගෙන ඇත.

එම සමේ ගැටිති රෝගය පැතිර යන ප්‍රදේශ වලින් මස් පිණිස ගවයින් ප්‍රවාහනය කිරීම තහනම් කර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් සදහන් කරයි.

තවද එම රෝගී ගවයින් එන්නත්කරණය මේ වනවිට ආරම්භ කර ඇති බවත් රෝගය පාලනය කිරීම සදහා එම පියවර ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Similar Posts