රුපියල් මිලියන එක්දහස් අට සීයක් (1800) ක් පමණ මුදලක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතර සංසරණය වූ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍යය විකිණීමේ බෙදාහැරීමේ සහ ඇසුරුම් කිරීමේ ජාවාරමෙහි යෙදුණු විශේෂිත ජාලයක් හඳුනා ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිපති ජාලිය සේනාරත්න මහතා පැවසී.
 පසු ගිය (23) වනදින බෙල්ලන්විල විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටි  සැකකටයුතු  පුද්ගලයෙකු පිළිබඳව පොලීසියට ලද රහසිගත තොරතුරක් මත එම පුද්ගලයා පොලිස් භාරයට ගෙන සිදුකල විමර්ශණ වලදී මෙම මෙම සැකකරුගේ මව විසින් හොරණ ප්‍රදේශයේ ස්ථානයක මත්ද්‍රව්‍ය ඇසුරුම් කරන බවට ලද තොරතුරු මත එම සැකකාරිය හා සැකකරුවන් පිළිබදව  අනාවරනය කර ගෙන ඇති බවත්  .
ඒ අනුව ඔවුන් සන්තකයේ තිබූ රුපියල් එක්කෝටි දශලක්ෂයකට වඩා වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 01 ග්‍රෑම් 50 ක් සහ මෙම ජාවාරම් සදහා භාවිතා කල  ත්‍රීරෝද රථ දෙකක්. යතුරුපැදි තුනක්. වැගන් ආර් වර්ගයේ  කාර් රථයක්  හෙරොයින් අලෙවියෙන් උපයාගත් මුදල් රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් හා ජංගම දුරකථන. කිරුම් උපකරණ. හෙරෝයින් ඔතන විශේෂ මුද්‍රිත කොල සහ පෞද්ගලික බැංකුවක මුදල් තැන්පත් කළ ගිණුම් පොත්   ඇතුලු දේපල සොයාගැනීමට හැකිවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  පැවසීය .
දැනට  බන්ධනාගාර ගතව සිටින මහාපරිමාන හෙරෝයින් ජාවාරම් කරුවකු වන “අයි.ඩී. දර්ශන” යන අය විසින් දුරකථන  මාර්ගයෙන් සිදුකරනු ලබන මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධ පිරිමි පුද්ගලයින් පස් දෙනකු හා එක් කාන්තාවක්ද  නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය
සැකකාරිය සහ සැකකරුවන් පිළියන්දල බෝකුන්දර, පාසැල් මාවත ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක නැවතී හොරණ ප්‍රදේශයේ ඇති නිවසේ සිට ඇසුරුම් කරන ලද මත්ද්‍රව්‍ය කුඩා පැකට් බොරලැස්ගමුව මොරටුව හොරණ මිනුවන්ගොඩ  හා දිවයිනේ විවිධ ප්‍රදේශ වලට මත්ද්‍රව්‍ය බෙදා හැර ඇතැයි ද මූලික විමර්ශනවල දී හෙළි වූ බවත්  අ අඩංගුවට පත් පුද්ගලයින්  වයස අවුරුදු 26 සිට 45 දක්වා වයස් කාණ්ඩවල  පසුවන අය බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය.
නුගේගොඩ දූෂණ මර්දන මදන කොට්ඨාශය විසින් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කීප දෙනෙකුම එකතුව  ජාලයක් වශයෙන් හෙරෝයින් ජාවාරම සිදුකරගන ගොස් ඇති බවත් එම ජාවාරම් සියල්ල බන්ධනාගාර ගත ප්‍රධාන ජාවාරම්කරු ජංගම දුරකථන භාවිතා කර සිදුකර ඇති ඒ බවත්ය.
ඔවුන් සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර පැය 48 ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය.
බස්නාහිර දකුණ අපරාධ කොටිඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි පුදීප් රත්නායක  මහතාගේ උපදෙස් පරිදි නුගේගොඩ කොටිඨාශ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනශාන්ත කහටදෙනිය උප පොලිස් පරීක්ෂක  ආසිරි ජයසූරිය  යන මහතුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 41127  රුවන් 54478 වසන්ත   35358 සම්පත්  18986  සම්පත්  පොලිස් කොස්තාපල්වරුන්වන 51508 උදයංග  74780   රේණුක  85511 සෙනරත් 87814 ධනුෂ්ක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories