කුකුළේ ගඟ  ප්‍රාදේශයට මේ දිනවල ලැබෙන වර්ෂාවත් සමඟ මාකෙළිය ඇල්ලේ  ජල මට්ටම  විශාල ලෙස  ඉහළ ගොස් ඇති නිසා  ඇල්ලේ දිය  නෑම ඉතා අනතුරුදායක යැයි  කළුතර දිස්ත්‍රික්  දිය ඇළි සංසදය සංචාරකයිනට දැනුම් දෙයි.

සෑම වසරකම අප්‍රේල්  –  අගෝස්තු  අතර කාලය තුළ මාකෙළිය ඇල්ලේ දිය නෑමට ගොස්  පුද්ගලයන්  ඇල්ලට බිළි වන බව ඇල්ල  අවට පදිංචිකරුවන්  කියති.

මේ අතර කොරෝනා වෛරස් වසන්ගතය  නිසා පාලින්දනුවර  මාකෙළිය ඇල්ල  සංචාරක කලාපය තාවකාලිකව වසා දැමීමට පාලින්දනුවර ප්‍රාදේශීය  සභාව පියවරගෙන ඇත.

සෞඛ්‍ය  ආරක්ෂිතව දිය නෑම ඇතුළු  අනෙකුත්  සංචාරක  කටයුතු  සඳහා  සෞඛ්‍ය  උපදෙස්  ලැබෙන තෙක් සංචාරක කටයුතු  තාවකාලික  නතර කර දැමීමට ප්‍රාදේශීය  සභාව කටයුතු  කර තිබෙි.

මේ හේතුවෙන්  එම ස්ථානයේ සංචාරක මගපෙන්විම, විවෙික ශාලා ඇතුළු  ගොඩනැගිලි පාළුවට ගොස් ඇති අයුරු  දැකගත හැකිවෙි.

මාකෙළිය ඇල්ල මේ දිනවල  සුන්දරවී ඇති අයුරු  සහ සංචාරක මධ්‍යස්ථාන  වසා දමා ඇති අයුරු.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories