රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ඊයේ (11) කොළඹ රක්ෂිත බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

අදාළ නියෝජිත කණ්ඩායමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි , එහි අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු තවත් දෙදෙනෙකු ඒ අතරට ඇතුළත් ය.

වසන්ත මුදලිගේ මහතා රඳවා සිටි රැඳවුම් ස්ථානය වෙත ගොස් ඔහුගේ රැඳවුම් තත්වය පරීක්ෂා කළ බව මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

Similar Posts