2024 පාර්ලිමේන්තු මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත් වුණා.

ඒ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21ම ජය සියතට ගනිමින්.

එය ශ්‍රී ලාංකේය මැතිවරණ ඉතිහාසයේ ලබාගත් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස වාර්තා පොත් අතරට එක්වනු නොඅනුමානයි.

ජාතික ජනබලවේගය ලබාගත් සමස්ත ඡන්ද ගණන 6,863,186ක්.

එය ප්‍රතිශතයක් ලෙස 61.5%ක් වනවා.

දිස්ත්‍රික් ආසන 141ක ජය තහවුරු කරගත් මාලිමාවට හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ගණන 18ක්.

ඒ අනුව මාලිමාව නියෝජනය කරමින් මෙරට 10 වන පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රීධූර සංඛ්‍යාව 159ක් වනු ඇති.

ඒ අතර අලුත් මුහුණු රැසක් තේරී පත්වී තිබෙනවා.

එතෙක් මෙතෙක් ලාංකේය දේශපාලනය තුළ යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද ඉතිහාසයත් මෙවර මැතිවරණයේදී වෙනස් වුණා.

ඒ, යාපනය මැතිවරණ කොට්ඨාසය ජයගැනීමටත් ජාතික ජනබලවේගය සමත් වීම හේතුවෙන්.

කෙසේ වෙතත් චිරාත් කාලයක් දේශපාලනය තුළ නියැළුණු බොහෝ ප්‍රබල හිටපු මැති ඇමතිවරුන් මෙම මැතිවරණයේදී ජනතා මනාපයෙන් ප්‍රතික්ෂේප වීමද විශේෂත්වයක්.

More Stories