මැතිවරණයක් යනු දුෂ්කරක් ක්‍රියාවක් බවත් මේ ජයග්‍රහණය කරා යාමට ඒ දුෂ්කර ක්‍රියාව කළ සියලු දෙනාට ස්තුති වන බවත් දැන් ඇත්තේ නව රජය යටතේ සමෘද්ධිමත් ආර්ථිකයක් කරා ගෙන යාම බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් මා වෙත ලබා දීම පිලිබඳ පොලොන්නරුව ජනතාව වෙත මා පළමුව ස්තුතිය පළ කර සිටින අතර මැතිවරණ කොමිසමේ පොලොන්නරුව තේරීම්භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්, කොළඹ සිට පැමිණි නිලධාරින්, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුලු මාධ්‍ය ආයතන වෙත මගේ ස්තුතිය පුද කර සිටින බවද ඔහු පවසයි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විමේදි ප්‍රධාන වශයෙන්ම අපේක්ෂකයෝ, ආධාරකරුවෝ ක්‍රියා කළ ආකාරයත්, ඊට නීතිය හා සාමය රැකීමට පොලිසිය කටයුතු කළ ආකාරයත් ප්‍රසංශනිය බවත් මේ මැතිවරණයේදි සමහර තැන්වල බරපතල ගැටුම්, ශාරිරික වධහිංසා කරනවා දුටු බවත් නමුත් පොලොන්නරු දිස්ත්‍රික්කයේ එවැනි කිසිදු දෙයක් සිදු නොවිම විශේෂත්වයක් බවද ඒක අපේක්ෂකයින් සියලු දෙනා අතර තිබු වගකීමක් බවද ඔහු සඳහන් කර සිටියි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 5න් 4ක් ම පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් හිමිකරගෙන ඇත.මනාප ලේඛනය පහත දැක්වේ.
තේරී පත් වූ මන්ත්‍රීවරුන් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
01.මෛත්‍රීපාල සිරිසේන -111137
02.රොෂාන් රණසිංහ – 90615
03.සිරිපාල ගමලත් -67917
04.අමරකීර්ති අතුකෝරල -45939
තේරීපත් නොවූ අපේක්ෂකයන්ගේ මනාප
05.ජගත් සමරවික්‍රම -38338
06.පේශල ජයරත්න බණ්ඩාර -29800
07.ජී.ජී.චන්ද්‍රසේන -25057
08.ජයසිංහ බණ්ඩා -7613
තේරී පත් වූ මන්ත්‍රීවරුන්– සමගි ජනබලවේගය
01.කිංස් කුමාර නෙල්සන් -22392
තේරීපත් නොවූ අපේක්ෂකයින්ගේ මනාප
02.සිඩ්නි ජයරත්න -19499
03.සාවුල් හමීඩ් මොහම්මදු අන්සාර් -13166
04.සුජීව ලලන්ත හේරත් -12863
05.ඩොනල්ඩ් මහ මඩකලපුගේ -8820
06.චන්ද්‍රසිරි සූරි ආරච්චි -8340
07.ජනක සමරසිංහ -7211
08.ක්‍රිශාන්ත් දර්ශන මලවිගේ – 2281
ශානිකා
ප්‍රියන්ත බණ්ඩාර
ඊසා මුදියන්සේ – පොලොන්නරුව