අද ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව ඉන්න බොහෝ අපේක්ෂකයන් වතු ජනතාවට බොරු පවසන බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
අද සමහර අපේක්ෂකයන් කියනවා මේ වතුකරයේ වතු කම්කරුවන්ට තේවතු බෙදලා දෙනවා කියලා මෙය කරන්න බැහැ මොකද මේ තේවතු අනුනව අවුරුදු බද්ධට සමාගම්වලට ලබා දිලා තියෙන්නේ හරි මේ වතු අක්කරය බැගින් හෝ දුන්නා කියමු මේ වතු කම්කරුවන්ට පුලුවන්ද එම කොටස නිසි ලෙස පවත්වාගෙන යන්න.
මේ තේවතුවලට පොහොර දාන්න ඕන තෙල් ගහන්න ඕන මේ තේ ගස් කප්පාදු කල විට අඩු තරමින් මාස හයක් අටක් යනවා නැවත පලදාව ලබා ගන්න එවිට මේ වතු කම්කරුවන් කන්නේ බොන්නේ කොහොමද.
තවත් සමහර අය කියනවා පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍ය නැහැ කියලා එත් එහෙම කියන අයගේ දරුවන් පිටරට පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නවා මේ රටේත් පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කලොත් එම විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න පිට රටවලින් සිසුන් පැමිනිමෙන් අපේ රටට විදේස් විනිමය ලබා ගන්න පුළුවන් වනවා.
මේ රට දියුණු කරන්න නම් විදෙස් ආයෝජකයන් වැඩි වශයෙන් අප රටට ගෙන්විය යුතුයි එවිටයි මේ රට දියුණු කරන්න පුළුවන් වන්නේ එසේ නැතිව හැමදාම අයි. එම්. එෆ් අයි. එම්. එෆ්. කියලා කිය කිය ඉන්නේ නැතිම මේ රට සංවර්ධනය කරන්න පුළුවන් වනවා.
අද මේ රටේ දෛයිනිකව යම් කුලි වැඩක් කරන පිරිස පිලිබදව කිසිවෙක් කතා කරන්නේ නැහැ ඔවුන් කුලි වැඩක් කරලා හොයා ගන්න මුදල ජිවත් වෙන්ව මදි අද රාජ්‍ය සේවයට පඩි වැඩි කරනවා එහෙම පඩි වැඩි කරන විට අනික් පැත්තෙන් බඩු මිල ඉහල යනවා මේ පඩි වැඩි කිරිම වෙනුවට බඩු මිල අඩු කරන්න වැඩ පිලිවෙලක් සකස් කරනවා නම් එය මේ රටේ ජිවත් වන සියළුම දෙනාට සහනයක් ලැබෙනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories