election2024

මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරිම සදහා ස්වාධින කණ්ඩායමක් නාම යෝජනා බාර දිම සිදුකර ඇති බවත් තවත් ස්වාධින කණ්ඩායම් 08ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ පසු ගිය 04වන දින නාම යෝජනා බාර ගැනිම ආරම්භ කල අතර සති අන්ත නිවාඩුවෙන් පසුව 07වන දින පෙරවරු 8.00 නාම යෝජනා භාර ගැනිම ආරම්භවු බවත්ය.

ඒ අනුව මේ මස 11වන දින දහවල් 12.00 දක්වා නාම යෝජනා බාර ගැනිම සිදචු කරන බවත් එම තත්වයන් මත නුවරඑඵිය දිස්ත්‍රික්කයේ පලමු නාම යෝජනා පත්‍රය 07වන දින බාර දිම සිදු කල බවත් මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ලහිරු කලුගම්පිටිය මහතා ඇතුළු පිරිසක් එක්වු බවද නන්දන ගලබඩ මහතා පැවසිය.

ඇප මුදල් තැන්පත් කරන ලද ස්වාධිණ කණ්ඩායම් හා පිලිගත් දේශපාලන පක්ෂවල නාම යෝජනා පත්‍ර 11වන දින දහවල් 121.00ට පෙර තමන් වෙත ලැටබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද නන්දන ගලබඩ මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories