මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද උදෑසන 7 සිට ආරම්භ වූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අදියර තුනකින් ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ය.
9 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඊයේ උදෑසන 7 සිට පස්වරු 5 දක්වා මධ්‍යස්ථාන 12,985 කදී පැවැත්විය.
මෙවර මැතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබු සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුපහකි.
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 71 % ක් බව ද කොමිසම පැවසුවේ ය.
පිළිගත් දේශපාලන පක්ෂ 40 කින් සහ ස්වාධීන කණ්ඩායම් 312 කින් අපේක්ෂකයින් 7452 කු මැතිවරණයට තරග කළ අතර මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරා ගැනෙන නියෝජිතයින් සංඛ්‍යාව 196 කි.