mahara

මහර බන්ධනාගාර සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණ වාහම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර ගන්නා ලෙස අද (30) දින පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න මහතා විසින් නියෝග කර තිබේ.

ඊයේ (29) සවස්වරුවේ සිට මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් අංශයෙන් ආරම්භ වු නොසන්සුන්තාවයක් පසුව කැරැල්ලක් දක්වා වර්ධනය විය. ඒහිදි බන්ධනාගාර නිලධාරින් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තත්ත්වය පාලනය කිරිමට උත්සහ දැරුවත් ඒය අද (30)  උදෑසන දක්වාම පැවතුණි.

මෙහිදි රැඳවියන් අට දෙනෙකු ජිවිතක්ෂයට පත් වු අතර 71  කු තුවාල ලබා රෝහල් ගත කර ඇත. ඉන් රැඳවියන් 4 කුගේ තත්ත්වය බරපතල බවද පැවසේ. බන්ධනාගාර නිලධාරින් 02 කු පමණක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා වහාම පොලිස්පතිවරයා වෙත දන්වා ඇත්තේ මේ සම්බන්ධව සෙවිමට වහාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසටය. ඒ් අනුව පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධව මේ මොහොතේ සිට පරික්ෂණ කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.

ඒහි පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මේ පිලිබඳ විමර්ශන පැවැත්විම සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ගේ ඥාතින් අද උදෑසන සිට බන්ධනාගාරය  අසලට පැමිණ සිටියේ තමන්ගේ ඥාතියා සුවෙන්ද යන්න සොයා බැලිමටය. නමුත් සවස්වනතුරුත් මිය ගිය අය හඳුනා ගැනිමට නොහැකි වු හෙයින් සවස් වනවිට ඒහි පැවතියේ උණුසුම්කාරි තත්ත්වයකි.

‌සිරකරුවන්ගේ අංක, නම් ආදිය හඳුනා ගැනිමේ ලේඛණ ආදිය ගිනිබත් වි ඇති බැවින් මිය ගිය පුද්ගලයින් සොයා ගැනිම අපහසු වි ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටියි.

ශානිකා

More Stories