මේ වන විට මිරිස් මිල දැඩි ලෙස ඉහළට යාමත් සමග බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
අමු මිරිස් ක්‍රිලෝව රුපිඅයල් 1100ත් 1300ත් නයි මිරිස් ක්‍රිලෝව රුපියල් 1600ත් 1800ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 990ත් 1100ත් අතර මිලකට අලෙවි වනු ඇත‍.
මිරිස් මිල මෙසේ ඉහළ යාමත් සමග තමන්ට මිරිස් මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් අධික මිලක්දි ලබා ගන්නා සමහර මිරිස්ද ලපටි තත්වයේ පැවතිමත් සමග තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවද ප්‍රදේශයේ පාරිභෝගියන් පිරිසක් පවසති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නගරයේ වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ මිරිස් මිල ගනන් දැඩි ලෙස ඉහළ යාමත් සමග සමහර මිරිස් වගාකරුවන් ලපටි මිරිස්ද කවලම් කර වෙළදපලට රැගෙන ඒමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

More Stories