aresst

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන උපාලි ආනන්ද මහතාට පහරදි බරපතල තුවාල සිදුකර ඔහු බේරාගැනිමට ගිය පුත්‍රයාටත් පහරදි තුවාල සිදුකර සැගවි සිටි මිහින්තලය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු අටදෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාරවිමෙන් අනතුරුව අත්අඩංගුවගෙන අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රුපියල් ලක්ෂ දෙක බැගින්වු ශරිර ඇපයක්මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කලේය.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇපමත මුදාහරිනු ලැබුවේ මිහින්තලා ප්‍රාදේශිය සභාවේ සභාපති ලාල් සෙනවිරත්න උප සභාපති ඊ.එම්.ලලිත් එදිරිසිංහ නිපුන මධුසංඛ අනුර මැන්දිස් චමින්ද සම්පත් මාධව ලක්රාජ සෙනවිරත්න චින්තක රැක්මන් හා අජිත් සේනාධිර (ක්‍රිඩා ගුරු) යන සැකකරුවන්ය.සැකකරුවන් අටදෙනාට නැවතත් හෙට (03දා) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කලේය.

පසුගිය 29 වනදා මිහින්තලා ප්‍රාදේශිය සභාවේ පැවති විශේෂ මාසික සභා රැස්විමකදි මිහින්තලා පූජා භූමියේ පිහිටි රජයේ ඉඩම් මන්ත්‍රීවරුන් එක්වි විකුණනා බවට හා එම කටයුත්තට දැඩි විරෝධය පලකිරිම නිසා සභා පරිශ්‍රයේ ඇතිවු සංවාදයක් දුරදිගයෑම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨ මන්ත්‍රී උපාලි ආනන්ද මහතාට සැකකරුවන් එක්වි පහරදි බරපතල තුවාල සිදුකිරිම සිදුකර තිබුණි.

සභාරැස්විම අවසන්වීමෙන් පසුව මිහින්තලය ප්‍රදේශිය සභාවේ මන්ත්‍රී සභික නිපුන මධුසංකඛ නැමත්තා යකඩ පොල්ලකින් සිදුකල පහරදිමක් නිසා මන්ත්‍රීවරයාගේ හිසට බරපතල තුවාල සිදුව තිබු අතර ඔහුව බේරාගැනීමට පැමිණි මන්ත්‍රීවරයාගේ බාල පුත්‍රයා වන24 හැවරදි සදුන් දනුෂ්ක මහතාත් පහරකෑමට ලක්වි ප්‍රතිකාර සදහා මිහින්තලය රජයේ රෝහලට ඉදිරිපත් කිරිමෙන් අනතුරු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂන රෝහලට ඇතුලත් කෙරුණි.

සැකකරුවන් පිරිස පහරදීමෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කියමින් මිහින්තලය පොලිසිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථාකර තිබු අතර ඔවුන් සැගවි සිටින ස්ථානයකින් අල්ලා අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර අධිකරණය වරෙන්තු නිකුත්කර තිබුණි.

සැකකරුවන් සැගවි සිටි ස්ථානයන් සොයා අත්අඩංගුවට ගැනීමට මිහින්තලය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් අසමත්වු අතර සැකකරුවන් අටදෙනා නීතිඥයන් මගින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට බාරවිමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබුණි.

පහරකෑමට ලක්වු මන්ත්‍රී උපාලි ආනන්ද මහතා ඔහුගේ පුත්‍රයා වන සදුන් දනුෂ්ක මහතා ඊයේ (01දා) වනවිටත් අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.මෙම පහරදීමට හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරිම යන කරුණු මුල්කර ගනිමින් පසුගිය (30දා) උදෑසන ඒ නමය ප්‍රධාන මාර්ගය අහුරා පහරකෑමට ලක්වු මන්ත්‍රීවරයාගේ පවුලේ උදවිය ඥාතින් හා අසල්වැසියන් පිරිසක් විරෝධතාවයක නිරතවුහ.

මිහින්තලය පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා දේශපාලනයට යටවි පක්ෂක්ග්‍රහිව කටයුතු කරනා බවට අගතියට පත්වි සිටින මන්ත්‍රීවරයාගේ පාර්ශවය පවසන අතර පහරකෑමට ලක්ව සිටින්නන් බරපතල තත්වයෙන් රෝහල් ගතව සිටියදිත් සැකකරුවන්ට ඇප ලැබෙන ආකාරයට කටයුතු කල ස්ථානාධිපතිවරයාට එරෙහි ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවද ඥාතින් පැවසුහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories