වර්තමාන කොමසාරිස් පරිපාලනය යටතේ නත්තල් සමය තුළ නගර මධ්‍යයේ ඇති මහා මාර්ගවල පදික මාර්ග ගමනාගමනයට අපහසුතා ඇති නොවන පරිදි විනිවිද පෙනෙන ක්‍රමයක් මත වෙළෙඳුන්ට ලබාදීමෙන් මීගමුව මහනගර සභාවට ලක්ෂ ගණනක ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබේ.
මගී ජනතාවට කිසිදු බාධාවක් නොවන ලෙස දුම්රියපොළ පාර, ඩී.එස්. සේනානායක මාවත, රාජපක්ෂ පළල් පාර පිහිටි පදික මාවත් මෙලෙස වෙළෙඳුන්ට වෙෙළඳාම් කිරීම සඳහා ගාස්තු අය කිරීමෙන් පසු ලබා දී ඇත. මේ සම්බන්ධව වෙළඳ කුටි තනා වෙළඳාමෙහි යෙදෙන එම වෙළෙඳුන් පැවසුවේ මෙම ක්‍රමය තුළ තමන්ට විශාල සහනයක් සැලසුණු බවයි.