coronavirus news

ගාල්ල දෙවට ප්‍රදේශයේ පිහිටි හෝටලයක   පවත්වාගෙන යන නිරෝධායන  මධ්‍යස්ථානයක   සිටි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංහාරච්චි මහතා පවසයි .

පසුගිය 29 වැනිදින ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් 14 දෙනෙකු මෙරටට පැමිණ ඇත. ඔවුන්ට සිදුකල පළමු පි. සි.ආර්. පරික්ෂණයේ දි ඉන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු   ඔහු ඉකුත් 01වැනිදින හම්බන්තොට රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකිරිමට කටයුතු කළබවද ප්‍රාදේශිය වසංගත රෝගවිද්‍යාඥවරයා සදහන් කළේය.

ඉන්පසු අනික් මුහුදු ආරක්ෂකයින් 13 දෙනා හෝටලය  නිරෝධායනය කිරිමට කටයුතු කර ඇත. මෙකි මුහුදු ආරක්ෂකයින්ට සිදුකල දෙවැනි  පි.සි.ආර්  පරීක්ෂණ වලදි   තවත් මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකු ට  කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බැව් ඉකුත් දා තහවුරු වීමෙන් පසු එම මුහුදු ආරක්ෂකයින් දෙදෙනා ද වැඩි දුර ප්‍රතිකාර කටයුතු සඳහා හම්බන්තොට රෝහලට යොමු කිරීමට කටයුතු කළ බැව් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර  කේ සිංහාරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළේය.

බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල්, උඩුගම රවි ලියනගේ, ඉමදුව කුමාර කොඩිතුවක්කු , හබරාදුව ඒ.ඒල්. ඒ ආරියරත්න

More Stories