රට පුරා පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය අද අලුයම 05ට ඉවත් විය.

ඒ අනුව දින 66 කට පසු පළමුවරට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ද අද දින සිට ඇඳිරි නීතිය ලිහිල් වෙනු ඇත.

නමුත් කොළඹ හා ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අද සිට අවසර හිමි වෙයි.

මෙහිදී කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකීමේදී අධි අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන්නේ මාස දෙකකට පසුව වීම විශේෂත්වයක්.

ඒ අනුව හෙට දිනයේ සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණයි.

More Stories