coronavirus news

ශ්‍රී ලංකාව තුළ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් පළමු දින කිහිපය තුළම ශ්වසන අපහසුතාවලට ලක්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

ඉන්දියාවෙන් සොයාගනු ලැබූ B.1.617 ප්‍රභේදය ද්විත්ව විකෘතියකට ලක්වු ප්‍රභේදයක් වන අතර එම වෛරස ප්‍රභේදයට සමස්ත ඉන්දියාවම අඩපණ කිරීමට මේ වනවිට හැකිවී තිබේ.

ශ්‍රී ලංකාව පුරා පළමු රැල්ලේ දී හඳුනාගත් B.142 ප්‍රභේදයට වඩා මිනුවන්ගොඩින් ආරම්භ වූ දෙවන රැල්ලේ දී හඳුනාගත් ප්‍රභේදය ඩෙන්මාර්කයේ සහ ස්වීඩනයේ පැතිර ගිය ප්‍රභේදයට සමාන විය.

කෙසේවෙතත් අද වනවිට පළමු රැල්ලටත්, දෙවන රැල්ලටත් වඩාත් බියකරු බවක් ගෙනඑමින් නව ප්‍රභේදයක් මෙරට පුරා පැතිරෙමින් පවතින අතර එය විද්‍යාඥයින් අනුමාන කරන්නේ බ්‍රිතාන්‍යයේ පැතිරයන B.1.1.7 කොවිඩ් ප්‍රභේදයට සමානතාවයක් දක්වන බවය.

කෙසේවෙතත් මේ දිනවල මෙරට පැතිරයන කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් රෝගීන් විශාල පිරිසකට ශ්වසන ආබාධ ඇති අතර ඔවුන්ටද ඔක්සිජන් සැපයීමට සිදුව තිබේ.

මේ අතර මේ දිනවල පැතිරයන වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින්ගේ රෝග ලක්ෂණවල ද වෙනසක් සිදුව තිබේ.

More Stories