urea

මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළකට ඉරානය  සිය එකඟත්වය පළ කළේ ය.

ඒ, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා හා අමාත්‍ය මහින්ද අමරවීර අතර අද පැවති සාකච්ඡාවකදී ය.

සාකච්ඡාවේදී යූරියා පොහොර අවශ්‍යතාවය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වගාවට අවශ්‍ය යූරියා පොහොර සපයා ගැනීමට සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලා සිටියේ ය.

ඒ සම්බන්ධව අදහස් පළ කළ ඉරාන තානාපතිවරයා ඉදිරි කාලය තුළ රජයකින් රජයකට ලබා දෙන ක්‍රමයට යූරියා පොහොර ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළ බව, අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

More Stories