කොරෝනා වෛරසය හේතුවෙන් මෙවර රාමසාන් යාඥවන් තම නිවස්වල සිටම සැමරිමට මුස්ලිම් ජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දිමට හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ පුජකවරුන් පියවර ගෙන ඇත.

ඉස්ලාම් භක්තියන් ඉතාමත් භක්තියෙන් සමරන රාමසාන් උපවාසයන් කාලවලදි මුස්ලිම් ජනතාව එම උපවාසයන්හි යාඥාවන් සිදු කිරිම සදහා මුස්ලිම් පල්ලි වෙත පැමිනිම සිදු කලද කොරෝනා වෛරසය හේතුවෙන් මෙවර එම රාමසාන් යාඥවන් තම නිවස්වලම සිට සැමරිමට පිවයර ගන්නා ලෙස අවශ්‍ය උපදෙස් ලබා දිමට පියවර ගත් බව හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ පුජකවරයකු පවසන ලදි.

කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාව එක් රැස්විම තුලින් එම වෛරස තත්වයන් ව්‍යාප්තවිමේ අවදානමක් පවතින බැවින් හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියද වසා දමා ඇති බැවින් මෙසේ රාමසාන් යාඥවන් තම නිවස්වලම සිට සිදු කිරිමට උපදෙස් ලබා දුන් බවද එම පුජකවරයා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා –  හැටන්

Similar Posts