තමන්ව යුක්රේනය ආක්‍රමණය කිරීමට යවන බවට නොදැන සිටි බවත් තමන්ගේ භුමිය ආරක්ෂා කරන සාමාකාමී මිනිසුන්ට එරෙහිව සටන් කිරීමට සිය අණදෙන නිලාධාරින් බලකළ බව යුද සිරකරුවන් බවට පත්ව සිටින රුසියානු යුද සිරකරුවන් හඬා වැළපෙමින් ප්‍රකාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබෙනවා.

“මේක අපේ යුද්ධයක් නෙවෙයි. මව්වරුනි, භාර්යාවනි, ඔබේ ස්වාමිපුරුෂයන් එකතු කරන්න. මෙතන ඉන්න අවශ්‍ය නැහැ,’ තුවාල ලැබූ සොල්දාදුවෙක් යුක්රේන ධජයක් ඉදිරිපිට වාඩි වී සිටිමින් ප්‍රකාශ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රචාරය කර ඇත.

තවත් වීඩියෝවකින් දැක්වුයේ මාංචු දැමූ රුසියානු හමුදා සිරකරුවෙකු හඬමින් සිටින අයුරුයි.

” මියයන සොල්දාදුවන් වෙනුවෙන් අවමංගල්‍ය උත්සවයක් හෝ නැහැ” යැයි ඔහු ඉතා වේදනාවෙන් ප්‍රකාශ කර සිටින අයුරු එම විදියෝවෙන් දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

යුක්රේනය පවසන්නේ ගැටුමේ ආරම්භක දිනවලදී රුසියාවට සොල්දාදුවන් 5,840 ජිවිතක්ෂයට පත්වූ බවයි.

මේ අතර තම රටට අඛණ්ඩව දරුණු ප්‍රහාර එල්ල කරන රටක් සමග සාම මාවතට ප්‍රවේශ වීම අසීරු බව යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කරයි.

සාම සාකච්ඡා සඳහා යොමුවීමට පෙර පළමු බෝම්බ හෙලීම නතර කල යුතු බව පවසන ඔහු තව දුරටත් මහා පරිමාණ යුද්ධයක් ක්‍රියාත්මක වන බවද සදහන් කරයි.

‘මම අවස්ථා කිහිපයකදී ජනාධිපති බයිඩන්ට කතා කළා. නමුත් ඔවුන් මගේ හඬට සවන් දුන්නෙ නෑ. දැන් අපිට තනියම රුසියාවට එරෙහිව සටන් වදින්න වෙලා. එය අපට හරිම අසීරු යි’ යයිද කී ඔහු මේ මොහොතේ දී යුරෝපා මිතුරන්ගෙන් තමනට උදවු කරන ලෙසද ඉල්ලා සිටියේය.

 

More Stories