වර්තමාන ජනපති මෛතී‍්‍රපාල සිරිසේනගේ සහ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සහාය සජිත් පේ‍්‍රමදාසට මහතාට ලබා දීමට තීරණය කර ඇතැයි විශ්වාස දායක ආරංචි මාර්ග පවසයි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා විදෙස් සංචාරය නිමවීමෙන් පසුව ලංකාවට පැමිණි විගස මේ සම්බන්ධව විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පැවසේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද ලංකාවට පැමිණි විගසම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක් පැවැත්වීමට නියමිත අතර, ඒ සදහා පොදුජන පෙරමුණ හා සම්බන්ධව කටයුතු කිරීමට අකමැත්ත ප‍්‍රකාශකර සිටින සියලූම මන්තී‍්‍රවරු, ආසන සංවිධායකින් කැදවීමට නියමිතව තිබේ. එම සමුලූව සංවිධානය කිරීම සම්බන්ධව මූලික සාකච්ඡුාවක් කුමාර වෙල්ගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ප‍්‍රධාන පෙළේ හෝටලයක දී අද පවත්වා තිබේ.

More Stories