arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

මස්කෙළිය ටෙලිකොම් ආයතනයට අයත් යකඩ කණුවක් සොරා ගැනිමක් පිලිබදව පරික්ෂන ආරම්භ කල මස්කෙලිය පොලිසිය සැක පිට පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ටෙලිකොම් ආයතනය සතු යකඩ කණුවක් අස්ථාන ගතවිම පිලිබදව ලද පැමිනිල්ලක් මත කරන ලද පරික්ෂනවලදි එම යකඩ කණුව සොරා ගැනිමට සම්බන්ද බවට සැක පිට පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගත් බවත්ය.
මස්කෙළිය ග්ලැන්ටින් ප්‍රදේශයේ තිදෙනකු මෙසේ සැක පිට අත් අඩංගුවට ගත් බවත් එම සැකකරුවන් තිදෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts