Similar Posts
චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නොමැතිකමින් ලෝක කුසලාන පාවා දීමේ පරීක්ෂණ අවසන්
වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා සඳහන් කර සිටියි. මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත්…
දුමින්ද සම්බන්ධයෙන් මහ කොමතාරිස්තුමිය සිදුකර ඇති ප්‍රකාශය හෙළා දකියි
“මෙරට නීතියේ ආධිපත්‍යය ගැටළුවකට ලක්ව ඇතැයි’ දුමින්ද සිල්වා මහතාව නිදහස් කිරිම සම්බන්ධයෙන් අමෙරිකානු මහ කොමතාරිස්තුමිය සිදුකර ඇති ප්‍රකාශය පිළිකුළෙන් යුතුව හෙළා දකින බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික ,අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කීවේය . ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිව තිබු හිටපු මන්ත්‍රී දුමින්ද …
ග්‍රාමසේවා වසම් 18කට ඇති රෝහලක් විනාශයට
ගම්පොළ, පන්විලතැන්න ප්‍රාදේශීය රෝහලේ ඖෂධ සංයෝජකවරයකු නොමැති කමින් පැමිණෙන රෝගීන් ට ඖෂධ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වීම හා රෝහලට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා රෝහල වෙත පැමිණි රෝගීහු රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ. වසර 75 කට වඩා පැරණි මෙම රෝහල ආරම්භ කිරීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ ශිවා ඔබේසේකර සෞඛ්‍ය අමාත්‍යවරිය අතින්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැරදුණ විදිය හරිම වේදනාත්මකයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගාවලි පරාජයේ වැඩි වගකීමක් පිතිකරුවන්ට බැර වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු නවීඩ් නවාස් පවසයි. නවසීලන්තය සමග පැවති එක්දින හා ටෙස්ට් තරගාවලිය පරාජය වීමට වඩා එම තරගාවලිය කණ්ඩායමක් වශයෙන් පරාජය වූ ආකාරය ඉතාමත් වේදනාත්මක බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නවීඩ් නවාස් කියා සිටියි. නවසීලන්තය සමග පැවති දෙවැනි එක්දින තරගයෙන් ද…
රෝග ලක්ෂණ සමාන උණ වර්ග තුනක් රටපුරා
මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව වෛද්‍යවරු පවසයි. ඩෙංගු, ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ද ඉතා සීග්‍රයෙන් පැතිර යන බවත් ඒවායේ රෝග ලක්ෂණ සමාන බව ද වෛද්‍යවරු සඳහන් කරයි. හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මෙම උණ වර්ග තුනේම තිබෙන බවයි වෛද්‍යවරු පවසයි. මේ අතර මෙම උණවර්ග තුනෙන්, ඩෙංගු උණ…
මස්කෙළිය අනතුරින් දෙදෙනෙකු මියයයි
මස්කෙළිය බ්රව්න්ලෝ ප්‍රදේශයේදි සිදුවු ලොරි රථ ත්‍රිරෝධ රථ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 10වන දින සවස මස්කෙළිය බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදි කිරි ප්‍රවාහන කරන ලොරි රථයක් හා ත්‍රිරෝධ රථයක් එකි නෙක ගැටිමෙන් ත්‍රිරෝධ රථයේ ගමන්…