දිවයින පුරා විසිරී ඇති සියලුම යුද හමුදා කඳවුරු තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

ඒ් අනුව යුද හමුදා කඳවුරු තුල වෙනත් ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් මින් ඉදිරියට ප්‍රදර්ශනය කෙරෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා සදහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම නියෝගය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට දැනුම් දී තිබේ.

ඒ් අනුව යුද හමුදාපතිවරයා විසින් මේ බව සියලුම යුද හමුදා කඳවුරු වෙත දැනුම් දිමට පියවර ගෙන ඇත.

ශානිකා මාධවී

More Stories