යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල අද සිට රුපියල් 9000 දක්වා රුපියල් දහසකින් මිල අඩුකර ඇත.
මෙතෙක් එම පොහොර මිටියක මිල පැවතියේ රුපියල් 10,000 ලෙසිනි. මෙම මිල අඩුකිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබේ.

මේ අතර යුරියා පොහොර මෙට්‍රික් ටොන් 1500ක ප්‍රමාණයක් යුරියා පොහොර අත්‍යවශ්‍යව පැවැති දිස්ත්‍රික්ක කිහිපයකට පළමුවෙන් යැවීමට පියවර ගත් බව ලංකා පොහොර හා කොමර්ෂල් පොහොර සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ අනුව හම්බන්තොට , පොලොන්නරුව, කුරුණෑගල හා මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට එම පොහොර තොගය යවන ලද බව හෙතෙම පැවසීය.

මෙම පොහොර තොගය පසුගිය සෙනසුරාදා මෙරටට ලැබූන මෙට්‍රික් ටොන් 22,500 යුරියා පොහොර තොගයට අයත් ඒවා වේ.

Similar Posts