රාජ්‍ය ආයතන රැසක අතුරුදන් හා අස්ථානගතව ඇති වාහන 4000කට වැඩි ප්‍රමාණයක් පිළිබදව විශේෂ විගනණයක් ආරම්භ කර ඇති බව විගනකාධිපති ඩබ්ලිව් ජී සී වික්‍රමරත්න මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි විගනකාධිපතිවරයා පවසයි.සියලුම රාජ්‍ය ආයතන ආවරණය වන පරිදී අදාළ විශේෂ විගණනය ආරම්භ කොට තිබේ.

එම වාහන සත්‍ය වශයෙන් පාවිච්චි කළේ කවුරුන්ද සොයා ගැනීමට අදාළ තොරතුරු පරික්ෂාව ද ආරම්භ කොට ඇති බවයි විගණකාධිපතිවරයා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන් හෝ අස්ථානගතවී ඇති අතර ඊට මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1115ක් ඇතුළත්.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වාහන 212ක්, වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්. තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන 45ක්. අතුරුදන්ව හෝ අස්ථානගතව හෝ ඇති බව විගණන විමර්ශනවලදී හෙළිදරව් වී ඇති බවයි විගනකාධිපතිවරයා පවසයි.

මේ අතර රට විරුවන්ට වාහන බලපත්‍ර 1077ක් ලබා දීමේදී ද අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Similar Posts