මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැපවිමකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන ප්‍රදේශයේ සංවිධාන කටයුතු සිදුකරන බව එම කලාපයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා කළ්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ආගරපතන කලාප සංවිධායක ලෙස කල්‍යාණි සතරසිංහ මහත්මිය පත් කිරිමට එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන ඇති අතර එම පත්විම ලබා ගැනිමෙන් පසුව ආගරපතන ප්‍රදේශයේදි මාධ්‍ය ‍වෙත අදහස් දක්වමින් කළ්‍යාණි සතරසිංහ මහත්මිය මේ බව පවසන ලදි.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු කළ්‍යාණි සතරසිංහ මහත්මිය පවසන ලද්දේ මේ රට මෙයට වසර දෙකකට පමණ පෙරදි දැඩි ආර්ථික අර්බුදයකට ලක්වු බවත් එම තත්වයන් මත මේ රට බාර ගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට සංවර්ධනය කරා ගෙන යාමට පියවර ගත් බවත්ය.
හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා මේ රට බාර ගන්න කිවිට අද මේ රටේ බලය ඉල්ලන සමහර පිරිස් එය බාර නොගෙන පලා ගිය බවත් එදා පැවති අර්බුද හමුවේ නොබියව මේ රට බාර ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් එම තත්වයන් මත මේ වන විට මේ රටේ බහුතර පිරිසක් නැවත රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපති කරවිමට බලා සිටින බවත්ය.
එම තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන ප්‍රදේශයේ ජනතාවද රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒකරාශී කරවිමට තමන් කටයුතු කරන බවද කළ්‍යාණි සතරසිංහ මහත්මිය වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories