ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් ඉදිරි මාස තුන ඇතුළත රටේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේ බරපතල අවිනිශ්චිතතාවයක් තිබෙන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය රවී දයාසේන මහතා අනාවරණය කළා.
එනිසා සෞඛ්‍ය සේවාව සැලකිය යුතු අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බවත් අවශ්‍ය වෛද්‍ය සැපයීම් නොකඩවා නොලැබෙන තත්වයක් තිබෙන බවත් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා.
ඔහු කියා සිටියේ ජනවාරි මාසයේ ඇනවුම් කළ යුතු ඖෂධ සහ වෛද්‍ය උපකරණ සඳහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබා නොමැති බවයි.