ragamahospital

රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ  හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රෝඞ්රිගෝ මහතා පවසයි.

මෙම ආපදා තත්ත්වය යටතේ ඒ අනුව සැලසුම්කළ ශල්‍යකර්ම, වෛද්‍ය වාර්තා ලබාදීම, සායන සේවා ඇතුලූ අත්‍යවශ්‍ය නොවන සියලූ සේවාවන් කල් දැමීමට සිදු වන බව අධ්‍යක්ෂකවරයා පවසයි.

රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය සහ රෝගීන් ඇතුළත් කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන නමුත් අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ල ම කල්දමා ඇත.

රාගම රෝහලේ වාට්ටුවල ඉඩ නෑ

කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම නිසා රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් වාට්ටුවල ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් තිබේ.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රාගම රෝහලේ 26 සහ 30 යන වාට්ටු දෙක වෙන්කර ඇත.

 

Similar Posts