rt-pcr

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයට අදාල රසායනාගාර වාර්තා ලැබීමේ ප්‍රමාදයක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ මේ වන විට වාර්තා වී ඇත්තේ දින 03කට පමණ පෙර වාර්තා විය යුතු රෝගීන් බවයි.

සභාපති උපුල් රෝහණ මහතා පුත්තලම ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළේ මෙම තත්වය කඩිනම් නිවැරදි නොකළහොත් ඉදිරියේදී සැබෑ සංඛ්‍යා දත්ත ප්‍රමාද විම හරහා ගැටලුකාරී තත්වයක් ඇතිවිය හැකි බවයි.

ඒ හේතුවෙන් ලැබෙන දත්ත අනුව රෝගීන් ගැන චිත්‍රයක් මවාගැනීම වැරදි බවත් මෙහිදී සඳහන් කළේය

රටතුළ මතුව ඇති කොරෝනා ආසාදිතයින් ඉහල යාමේ තත්ත්වයට ප්‍රධානතම හේතුව වුයේ ජනතාවගේ සංචරන ක්‍රියාවලිය බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

More Stories