පසුගිය දිනෙක රාජ්ය සේවකයෝ කිරිපිටි, ගෑස් පෝලිමේ සිටීම සදහා සිය ආයතනයෙන් නිවාඩු ඉල්ලා සිටි ඇති බවට වාර්තාවේ.
මේ වනවිට රට තුළ ඇත්තේ ගෑස්-කිරිපිටි-භූමිතෙල් පෝලිම් යුගයක් බව නොරහසකි. ඒ අනුව ජනතාවට සිදුව ඇත්තේ පැය ගණන් පෝලිම්වල සිට ගෑස්-කිරිපිටි-භූමිතෙල් මිලදී ගැනීමටයි.
රටපුරා මේ වන විට පවතින ගෑස්, කිරිපිටි හිඟය හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව පාරිභෝගිකයෝ පවසති.
ගෑස්, කිරිපිටි, භූමිතෙල් වැනි භාණ්ඩ මිල දී ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්රදේශවල පවතින දිගු පෝලිම් හේතුවෙන් දැන් දැන් මහජන විරෝධය ද උත්සන්න වී ඇත.